හර්දසාක්ෂිය
අම්මා කෙනෙකු දරුවන් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු බලා ගැනීමට විදින දුක මෙතකැයි කියා කිව නොහැක. බොහෝ අම්මාවරු දරුවා පෙරපාසලට හෝ පාසලට දමා පැය දෙක තුනක් නිදහසේ සිටීමට බලා සිටී. එය නැහැයි කියා කියන්නට හැකි අම්මාවරු සිටීනම් ඒ අතලොස්සක් පමණි. දරුවාට මාසයක් නිවාඩු දුන්නාම හපොයි මාසයක් කියා ඉහට අත ගහ ගන්න දෙමව්පියෝ අද සමාජයේ කොතෙක් නම් ඇතිද? ඔබ තට්ටු කර ගත යුත්තේ ඔබේ හර්දසාක්ෂියටය. ඔබ කෙසේද යන්න ඔබ විමසිය යුත්තේ ඔබෙන්ය. ඔබ ඔබට පිළිතුරු දෙන විට වංක නොවන මුත් අවංක වීමට අකමැතිය. හිත කුමක් කීවත් පිළිතුර අනෙකක් විය යුතුය.
ඔබ නිකමට සිතුවාද ඔබ එක දරුවෙක් වෙනුවෙන් යොදවන කාලය ගුරුවරයෙක් ළමයි තිහක් හතලිහක් වෙනුවෙන් කැප කරන බව. ඔහු හෝ ඇය තනිව දරු දැරියන් පිරිසක් පැය ගණනක් බලා ගන්නා බව. ඔබේ රාජකාරියෙන් කොටසක් ඔවුන් ඉටු කරන බව.
"ඒවට තමයි පඩි ගෙවන්නේ"
ඔබ සතුව එවන් පිළිතුරක් ඇති බව මම දනිමි. ඔවුන් වේතන ලබන්නෙ ඉගැන්වීමට මිස දරුවන් බලා ගැනීමට නොවේ නමුත් ඒ කාල සීමාව තුළ යම් අකරතැබ්බයක් වුවහොත් ඔහොමද ළමයි බලා ගත්තේ යැයි නැවත ඔබේ ඇඟිල්ල ඇය හෝ ඔහු දෙසට එල්ලවනු ඇත.
පවුලේ එකම දරුවා බලා ගැනීමට නොහැකිව පුංචි දේටත් පහරපිට පහර දෙන අම්මලා තාත්තලා මම අනන්තවත් දැක ඇත්තෙමි. එවන් දෙමව්පියන් ගුරුවරු හෝ වෙනත් වැඩිහිටියකු තම දරුවාට තරවටු කරනවාට අකමැතිය. ඒ මන්ද? එතුල ගැබ්ව ඇති අපේය මගේය යන සිතුවිල්ල නිසාමය. ගුරුවරු යනුද මනුස්යෝම නොවේද?. නමුත් ඔවුන් ඔබට මට වඩා ඉවසීම ප්‍රගුණ කළ ඇත්තෝ වීම පුදුම සහගතය.
මම පංතිභාර ගුරුතුමියගෙන් ගුටි කෑවේ බාලාංශ පංතියේ සිටියදි මහ වැස්සේ තෙමි තෙමි බෝට්ටු යවන්නට ගොස්ය. එදා සිට අද වෙනතුරු ගුරුවරයෙකුගෙන් ගුටිකා නැතත් අපේ පංතියේ නසරානි කොල්ලන් ගුටි කා අත ගස ගස එනු බලා හිද ඇත. එවකට අපේ පාසලේ සිටි විදුහල්පතිතුමා වේවැල සගවාගන පාසල පුරාම ඇවිදින්නේ දෙතුන් දෙනෙකුට කසාය දෙන ගමන්ය. තනිකර සුදු අදින ඔහු පාසල් ළමුන්ගෙන් වෙන්කර හදුන ගැනීම ඉතා අපහසුය. ළඟට පැමිණෙනතුරු හඳුනාගත නොහැකි බැවින් සැඟවීමට කාලයක් නැතිය. එනිසාම අපේ පාසලේ විනය තිතට තිබුණේය. දඩබ්බර වැඩක් නොකල බාලකාලයෙන් පලක් නැත. ඒවා කළද නොහික්මුණ සේ දඩුවම් කළේ නැත. ඔහුට හෝ ඇයට කිසිදා අමතක නොවන සේ දඩුවම් කළේය. එකම වරද දෙවරක් නොකරන්න ළමුන් පෙලඹුනේ එබැවිනි.
රජයේ අඩුම අදායම් ලබන වෘත්තිකයන් සිටින්නේ ගුරු වෘත්තිය තුළ වුවද ඔවුන්ගේ සේවයේ අඩුවක් ඇත්තේම නැත. මේ අතර අප සිතා බැලිය යුතු තවත් යමක් ඇත එදා ඉතා ගෞරවයෙන් සැලකූ ගුරුවෘත්තිකයන් මෙදා මේ තරම් පහළට වැටුණේ කෙසේද? තම වෘත්තියේ ගෞරවය කෙලසා ගැනීම ඔවුන්ගේම වරදකි. අද ෆේස්බුක් හී ඇතැම් ගුරුවරු හැසිරෙන ආකාරය දුටු විට ගෞරව කරන්නට තබා ඒ පැත්ත බලන්නවත් සිතෙන්නේ නැත. දරුවන්ට දඩුවම් දීම යනු සිතේ තරහ පිරිමහ ගැනීමකට පත්ව තිබීම එක්තරා ඛේදවාචකයකි.
අද ගුරුවරුන් බහුතරකට නොමැති එකමදේ ඉවසීමය. ගෙදර ප්‍රශ්ණ ගෙදර නොතියා පාසලට ගෙන යාමය. ගුරුවරු ගුරුවරියන් අතර සම්මත/අසම්මත ප්‍රේම සබඳතා දරුවන් ඉදිරියේ රඟ දැක්වීමය. ඇතැම් දරුවන් මේවා රසකර කියනු අසා සිටින්නට ලැබෙන්නේ ගමනාගමනයේදීය. ඔවුන්ට වටක් පිටක් ගාණක් නැත. ඔහේ කියවන්නේය. අවට සිටින අපට අපේ පාසල් කාලය මැවී පෙනෙන්නෙ එවිටය.
අද ගුරුවරු පාරට බැස තිබෙන්නේ ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගැනීම උදෙසාය. ගුරුවරු සේවය කරන්නෙ පැය කිහිපයකැයි මම නොකියන්නේ එය පැය කිහිපයකට සීමා නොවන බව අප කවුරුත් දන්නා නිසා වුවද? මෙය එ්කපාර්ශවීය වරදක් නොව ද්වීපාර්ශවීය වරදැකැයි මට සිතෙන නිසා මෙලෙස සටහන් කරමි. දිගින් දිගටම පිරිහෙන සමාජයක ගුරුවරු දුවා දරුවන් පමණක් නොව ඔබද මාද ඇතැම්විට වරදකරුවන් වී හමාරය.
රෝජා🌷
Tuesday, March 12, 2019
Tuesday, March 5, 2019
කහ ඉරි, සුදු ඉරි සහ පදිකයා
දකුණ බලා වම බලන්න
නැවතත් දකුණම බලන්න
පාරේ වාහන නැත්නම්
ඉක්මනින්ම මාරු වෙන්න
මේ අපි පුංචි කාලෙ අහපු කියපු කවියක් නෙව. අද සිද්ධ වෙච්ච අලකලංචියක් නිසා රෝජට ඔය කවිය මතක් වුණේ කහ ඉර ආ නෑනෙ සුදු ඉර ගාවදි ( දැන් ඉතිං ලංකාවෙ කහ ඉරියි සුදු ඉරියි දෙකම තියන නිසා ඩිංගක් පැටලෙනවා)
රෝජා කොහොමත් පාර පනින්න බය ඩෑල් එකක්. පාර පනින් ගිහින් පාර මැද බට්ටො පනින්න එපා කියලා තමයි රෝජට අම්ම කියලා තියෙන්නෙ. ඒ කිව්වට මම පාර පනින හැටි දන්නෝ දනිති. හරි හරි දැන් ඒ කතාවෙන් වැඩක් නෑ කියමුකෝ.
අද උදේ රෝජා මගින් බැස්ස නිසා තමයි මේක දකින්න ලැබුණේ. ඕන්න ඉතිං මම සලාකා එකට ගිහින් අවශ්‍ය අඩුම කුඩුම ටිකත් අරගෙන සාන්ත දාන්ත විදියට පාර අයිනෙන් ඇවිදගෙන ඇවිත් සුදු ඉර ඉස්සරහ හිටගෙන ඉන්නවා පාර මාරුවෙන්න. කොච්චර වුණත් තව කෙනෙක් හිටියොත් තමයිනෙ ගට්ස් එන්නේ...
ස්කූටියක් ඉස්සරහින් විතරක් නෙවෙයි කාන්තා පාර්ශවය ඩ්‍රයිව් කරන ඕනෑම වාහනයක් ඉස්සරහින් පාර පනින්න දෙපාරක් හිතලා තවත් දෙතුන්පාරක් හිතන්න ඕනි නිසාම රෝජා ඒව ඉස්සරහින්නම් පාර මාරුවෙන අවදානමක් කවදාවත් ගන්නෙ නෑ.. ඒ විතරක් නෙවෙයි 138 හෝමාගම බස් එකක් ඉස්සරහින් පාර පනින්න ඕනි ජීවිත අවදානම අතේ තියන් තමයි ඉතිං... එව්ව සේරම කගවේනා එක්ස්ප්‍රස් මරුවා සමග වාසේ බස් නිසා.
ඕන්න ඉතිං අද කතාවට එමුකෝ ට්‍රැක් පනින එකත් දැන් පුරුද්දට ගිහින්ද මන්දා...
දැන් රෝජා සුදු ඉරගාව බලා ඉන්නවා. ට්‍රැෆික් ලයිට් වෙනුවට පොල්ස් මාම කෙනෙක් තමයි එහාට මෙහාට අත වනන්නේ. රෝජ ළඟින්ම තවත් දෙන්නෙක් ඇවිත් හිටගත්තා. අපි සේරම දකුණු පැත්ත බලා ඉද්දි එතැනට ආපු අනෙක් අක්කට වම දකුණ මතකවත් නැතිව ආපු ගමන් පාරට පැන්නා.. "අයියෝ" රෝජට කියවුනේ වෙන්න යන දේ බලා ඉන්න බැරිව කෝමින් හරි බස් ඩ්‍රැයිවර් උන්නාන්සෙ හොඳ සිහියෙන් ඇවිත් දන්න සෙල්ලමක් දාලා නූලෙන් වැඩේ ගොඩදාගත්තා. (පුදුමයි ඒකත් 138ක්) තව වාහනයක් පිටි පස්සෙ නොතිබුණේ වෙලාවට නැත්නම් තවත් අනතුරක්.
බස් එක නවත්තල තිබුණත් එයා විතරයි පාර පැන්නෙ අපි බයවෙලා බලා හිටියා.
මම කල්පනා කළේ කහ ඉර හෝ සුදු ඉර පදිකයින්ට පාර මාරු වෙන්න තමයි තියෙන්නෙ ඒ වුණත් දෙයියනේ ඒව උඩිනුත් වාහන යනවනේ. මොකද ඒක අපට ලියල දීලා යෑ. පදිකයින් වුණත් පාර මාරුවෙන්න ඕන පිළිවෙලක් තියනවා. බැරි වෙලාවත් අද ඒ උන්දැ හැප්පුනා නම් සුදු ඉරේදි හප්පල කියල නිව්ස් එක යයි. වටේම ඉන්න සෙට් එක බස් එකටයි ඩ්‍රයිවර්ටයි හොඳම පදෙන් අමතලා ගුටි පූජාවකුත් තියයි. ඒත් එයා පාර පැනපු විදියට බස් එක නවත්ත ගත්තු එකම ලොකු දෙයක්. වාහන ඩ්‍රයිව් කරන්නෙත් මිනිස්සු මිස දෙවියො නෙවේනේ.
ඔය කොයි කවුරුත් සුදු ඉර අපේ කියල හිතාගන ඉන්නව නම් ඒ අදහස අදම අතෑර ගන්න හොඳේ මොකද ඒක වාහනවලටත් අයිතියි ....
රෝජා
Sunday, March 3, 2019
බැරිවැඩ නොකරන් අඹරෝ...
ඒ කාලෙ ඔහොම කතාවක් කිව්වෙ කට කහනවට නෙවේ කියලා රෝජට හරියටම තේරුනේ ඊයේ තමයි. ඉස්කෝලෙ යන කලෙ රෝජට තිබුණ පුදුම අාසාවක් ඒ කවදහරි සභාවක් මෙහෙයවන්න ඕන කියන එක. ඒ කාලේ රෝජා මාර ලැජ්ජයි. බයයි ඒ වුණාට හිනාවෙච්ච ගමන්මයි කවුරු මොනා කිව්වත් හිනා වෙනව ඇර දෙයක් රෝජ කරන්නෙ නෑ.
ඉතිං එහෙම එකෙකුට පුළුවන් ද ස්ටේජ් එකට නැගලා සභාවක් මෙහෙයවන්න. 😂 කවුරුත් වගේ රෝජත් හිතුවෙ එහෙම. ඔයාල දන්නවද ඒ වගේම රෝජට තිබුණ තවත් ආසාවක් රඟපාන්න සිංදුකියන්න නටන්න.. ඔය එකකටවත් අවස්ථාවක් ලැබුණ් නෑ. පළවෙනියටම ඉස්සරහට ආවෙ රෝජගෙ හමේ පාට. ලස්සන ළමයි තමයි ඉස්සරහට පේන්න ඉන්න ඕනෑ. ලස්සනට නැටුවට වැඩක්නෑ අනේ ඊට හොඳයි ඕව එකක්වත් නොකර පාඩුවෙ ඉන්නවා. එහෙමයි රෝජා හිතුවෙ. ඒක සමහරවිට රෝජගෙ හීනමානය වෙන්නත් පුළුවන්.
කාලයත් ගෙවුනා කියන්නකෝ රෝජ දවසක් ඒ ආශාව ඉෂ්ඨ කරගත්තේ පොතක් ජනගත කරන අවස්ථාවක. පපුව ඩිග් ඩිග් ගාල ගැහුණා. මොකද සමහර වචන රෝජට ශබ්ද වෙන්නෙ වැරදියට. අනෙක මීට කලින් එහෙම දෙයක් කරලම නෑ. ඒත් ස්ටේජ් එකට නැග්ගම රෝජට ඉන්න තැන අමතක වෙනවා. මයික් නැතත් කට්ටියකට ඇහෙන්න කතා කරන්න පුළුවන් මේක දැන ගත්තෙ දහම් පාසලේ නාට්ටියක් රගපාන්න ගිහින් ඒකෙ තත්පර ගාණක පුංචි චරිතයක් රෝජට ලැබුණා. හැබැයි මුළු නාට්ටියෙම ඒ තත්පර ගාණ ගැන හැමෝම කතා කරන තැනට ගේන්න රෝජට පුළුවන් වුණා. ඕන්න ඔය මතකය තමයි රෝජට හයියක් වුණේ. කෝමින් කෝමින් හරි එදා වැඩේ ලස්සනට කළා කියලා හැමෝම ප්‍රසංසා කළා.
ඒ වුණාට රෝජ දන්නවා නිවේදන වෘත්තියට එයා එච්චර දක්ෂ නෑ කියලා. අද වෙන කොට උත්සව කීපයක්ම මෙහෙයවන අවස්ථාව වගේම වෙබ් රේඩියෝවක වැඩසටහන් හසුරවන්න අවස්ථාව ලැබිල තියනවා. රෝජගෙ හීනෙ හැබෑ වුණේ එහෙමයි. හීනය සැබෑ වුණද කිසියම් හිස්තැනක් ඇතිබව රෝජගෙ හැඟීමයි.
මේ සේරම මතක් වුණේ ඊයෙ හිරු ස්ටාර් අවසාන ෆයිනල් එක බලන්න ගිහින් දෙයියනේ. ඕක මට මුලින්ම එපා වුණේ උද්ධිකගෙ නිවේදන කටයුත්ත නිසා. ඒ තරම් දක්ෂ නළුවෙක් හඬ පෞර්ෂවයක් අර විදියට පීචන් වෙනව දකිද්දි කාටද දරාගන්න පුළුවන් දෙයියනේ. රෝජා ආසම නළුව ඒ විදියට රොජටත් නොතේරෙන එයාටත් නොතේරෙන දේවල් කියද්දි රෝජට හිතුණා දැන් ඔය මදැයි ඔයා ගෙදර යන්න කියලා මුලින්ම එයාව රනවුට් කරන්න.
කිරුළ කවුරු දිනාගත්තත් උද්ධික මේ රියැලටි තරගයෙන් පරාදයි. මෙය උද්ධික තේරුම් නොගත හොත් ඉදිරියට ඔහුගේ චරිතයට ඔහු විසින්ම පහර දී ගත්තා යැයි රෝජාට සිතෙනු ඇත. ඉතිං ආදරණීය උද්ධික දැන් ඉතිං ඔබ ඔබේ වෘත්තියට පිවිසෙන්න. ඊළඟ හිරු ස්ටාර් තරගයෙදී උද්ධික නැවත වරක් පරාදවෙනු දකින්නට නොලැබේවා යන්න රෝජාගේ ඒකායන පාර්ථනයයි

Friday, March 1, 2019
මම දුර ගමන් යන්නට කැමති මැක්කෙකි. ඒ නමුත් ලැයිකා නම් මහා කම්මැලියෙකි. ලයිකා යනු මගේ ගජයාය. කෙතරම් කැමති වුවද ලැයිකා දමා දුර ගමන් යාමට මම අකමැතිය. (එය නොහැකියාව යැයි නොසලකන්න) ලැයිකා නැතිව පැවැත්මක් මට නැතිය. ඒ ඔබ සිතන හැටිය. ඇත්තම කතාව මා නැතිව උෟට පැවැත්මක් නැතිය. අපේ මිතුරුකමේ සීමා මායිම් කිසිත් නැති වීම නම් මට සතුටකි. ලැයිකා... ලැයිකා... කියා කීවට මේ ගෙදර මුරට ඉන්නා මුර සෙබලා මූය. එ් නමුත් මුළු ගේම උස්සන් ගියත් ඌ දන්නෙ නැත. සීයා කට ඇරගෙන බුදිය ගන්නා ඇඳි පුටුව යට ලැයිකා ඔළුව බිම ඇණගෙන සැපට බුදිය. සද්දයක් බද්දයක් ඇහුනොත් ඔළුව උස්සල බලලා නකුට දෙපාරක් පොළොවෙ ගැසීම පමණක් ඔහු රාජකාරිමය වශයෙන් කරන්නේය. මූ වගේ කම්මැලියෙක් එක්ක දුර ගමන් යන්නට හිතන මටද පිස්සුය. නමුදු උත්සහය අතහැරිය යුතු නැත.
මේ මචං උඹට හිතෙන්නැද්ද පාරට ගිහින් ටිකක් ඇවිදලා එන්න
එක ඇහැක් යාන්තමට ඇර මා දෙස ඔරවා බැලූ පොර මාව තුට්ටුවකට මායිම් නොකලේය. උෟ එහෙම හිතුවට මම ගේම අතහරින්නේද නැත
තමුසෙ හිතන්නෙ මුළු ලෝකෙම මෙච්චරයි කියලද?
කොච්චර වුණත් මට මොකෝ.. කියන්නැහෙ හොම්බ ගස්සා මෑන් ආයෙමත් බුදිය
තමුසෙ දන්නවද මේ ලෝකෙ හරි විශාලයි. තමුසෙ නිකම්ම ගෙයි ගෙම්බෙක් වගේ බලනවකො තමුසෙගෙ වරිගයෙ එවුන් පාරක් පාරක් ගානේ තමන්ගෙ අණසක පතුරගෙන ඉන්න හැටි. තමුසෙ නිකම්ම නිකම් දාසයෙක් වෙලා. ෂික් වරිගෙටත් එක්ක ලැජ්ජයි.
මට මේ ගේ බලා ගන්න තියනවා. තමුසෙට ඕන නම් ගිහින් එනවා
නෙදකින් මූ වගේ කම්මැලියෙක්.
උඹ දන්නවද අද ගෑනු ළමයි පාරට එන දවස තමුසෙට හිතෙන්නැද්ද ලස්සන නෝන කෙනෙක් දකින්න. එයාට ආදරේ කරන්න.
ඒ පාරනම් මෑන් පැණි හිනාවක් දාගනම මා දෙසට හැරුණාය. ඒ සැනින්ම අහක බලා ගත්තාය. ඉන්පසු ලැයිකගෙ කකුලට හේත්තුවෙලා කකුලක්පිට කකුලක් දා ගන්න ගමන් මම වැඩේට එන්ටර් වුණා.
මට ඕව තේරෙන්නෑ ඕයි. තමුසෙට ඕන තරම් නෝනල ඉන්නෙ ඔය මගෙ පිටේ.
උන්ට ඕන තරම් මහත්තුරුත් ඉන්නවනෙ ඕයි. මට දුක තමුන් ගැන.
යමුද ටිකක් ඇවිදලා ගෑනු ළමයෙක් සෙට් කරගන්න.
උඹ මට හෙල්ප් කරනවද?
එකෙන්ම. උඹට නොකරන උදව් වෙන කාට කරන්නද?
දාහක් කරුණු කාරනා කිව්වට පසු ලැයිකා ගමනට සූදානම් විය. මම වීරයකු සේ ලැයිකාගෙ පිට උඩ නැග ගතිමි.
දඩිපඩි ගා නැගිට ගත්තට ලැයිකාගේ ගමන පාන්කඩයක් එහෙට මෙහෙට වැනෙනා තාලෙටය. මෙහෙම ගියොත් නාඹර ලමිස්සියෙක් තියා නාකි බලු නකුට්ටියෙක්වත් මූට සෙට් කරන්නට තියා ඇහැක් ඇර බලන්නටවත් කැමති වෙන එකක් නැතිය. බලාසිටියොත් වෙන්නේ අඩි දහයක් දොලහක් ගිහින් නැවත හැරී එන්නටය.
මොකක්ද බං මේ ගමන ටිකක් කොල්ලෙක් වගේ දඩිපඩිගාලා ඇවිදහන්කෝ .. කෙල්ලො කැමති ඒවගේ ඇක්ටිව් කොල්ලන්ටනේ
වචනය පිටවෙන සැනින් ලැයිකා ගමනේ වේගය ටිකාක් වැඩි කළේය. ඒ සැනින් එය දෙගුණයක් වැඩිවිය දැන්නම් ගමන පාළු නැත. ලැයිකා පාර දෙපසම පීරන්නේ නාඹර කැකුලියක් දැක ගැනීමේ අටියෙනි. මම කුරුල්ලෙකු සේ සුළඟේ පහස විදිමින් ගීතයක් ගයන්නට වීමි.
ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගෙ වාසනා...... මා අමතන්න සනසන්න මගෙ වාසනා....
ටික දුරක් හැල්මේ දුවන් ආ ලැයිකා හතර ගාතේ දමා ඇදගන වැටුනේ මා නොසිතූ මොහොතක වූයෙන් දන්නා වැඩ කිඩ සේරම දමා ලැයිකාගේ කෙස්ගසක තනි අතින් එල්ලී ජාම බේරාගන්නට මට හැකිවිය.
ලැයිකාගේ දකුණු පය තුවාල වී ඇත. වේදනාවෙන් කඳුළු පෙරමින් ලැයිකා බෙරිහන් දෙන්නට විය. එතැන් සිට පේන තෙක් මානයට යනතෙක් පාර පුරා වලවල්ය කඩතොළුය. පාරෙන් ගැලවී විසිවුණ තුන්කාර ගල් කෑලි උඩින් මනුස්සයෙක් බැරි බැරි ගාතේ ඇවිදන් එන්නේ දැන් වැටෙයි දැන් වැටෙයි කියා හිතමින්ය. එ් මත ඇවිදින මිනිස්සු දැක්නාම මට සිනහ නොවී සිටීමට නොහැකි විය. ලැයිකා කෝපයෙන් මගෙ සිනහවට ගෙරවීමත් සමඟ මම නිහඬ වීමි.
අද ඔහොම යනවා හෙට යන්න පාර හදාගත්තනම් මොකද
ඒකට තමයි රජයක් තියෙන්නේ. රජය බදුගන්නේ ඕව හදන්න තමයි
ගන්න බදුවලින් මොකද කරන්නෙ කියලා හොයල බලන එක මිනිස්සුන්ගෙත් යුතුකමක්.
එව්ව හොයන්න ගියොත් උඹයි මමයි මේ පාරට දාලා තාරදායි... හොඳම දේ අපි ගෙදර හිටපු විදියට පාඩුවෙ සැනසිල්ලෙ ඉන්න එක.
ලැයිකා කියන්නෙත් ඇත්තය ඒත් කොකාට වාරයක් අාවනම් තිත්තයටද වාරයක් එන බව තිත්තයා දැන සිටිය යුතුය. ඒ බව කොකාට අමතක වුණා වගේ තිතිතයටත් අමතක වෙච්ච එක තමයි කරුමේ
ලැයිකාගෙ කැඩුන කකුලට බේත් කරන්නට ආයෙමත් ගෙදර එන අතර දුර ගමන් සිහිනය වෙනත් දිනකට කල්දමා සිත සනසාගන්නටද මට ද සිදුවුණි
මැක්කා

Tuesday, February 26, 2019
ගඟ
සඳක් ඇවිදින් තුරක හැපි හැපි
හඬාවැටුනට
ගඟක් පහළට ගලායන එක
නවත්වන්නට බෑ
කුණාටුවකට පසුව හමුවුණ
හුදකලාවක විරාමය මැද
උඹෙයි මාගෙයි මතක විතරක් මකාගන්නට බෑ
වසන්තයකට පිපෙන්නට බැරි
මලක් සිසිරයෙ තනිව පිපුණම.
ඉකිගසන්නට කැමති කිසිවකු
ලොවේ ඉපදී නෑ....
උඹත් ඈතට යන්න ගිය පසු
මගේ තනිකම දරාගන්නට
සිසිරයට මිස වසන්තයකට බෑ
ඈත දිලිහෙන පුංචි තරුවක්
ඉල්ලලා පොඩිඑකෙක් හැඩුවිට
ජීවිතේ අපි ලියපු පාඩම්
හොයා ගන්නට නෑ
මගෙයි උඹගෙයි පෙම් කතාවට
කොමාවක් මිස විරාමයකුත් නෑ
හඬාවැටුනට
ගඟක් පහළට ගලායන එක
නවත්වන්නට බෑ
කුණාටුවකට පසුව හමුවුණ
හුදකලාවක විරාමය මැද
උඹෙයි මාගෙයි මතක විතරක් මකාගන්නට බෑ
වසන්තයකට පිපෙන්නට බැරි
මලක් සිසිරයෙ තනිව පිපුණම.
ඉකිගසන්නට කැමති කිසිවකු
ලොවේ ඉපදී නෑ....
උඹත් ඈතට යන්න ගිය පසු
මගේ තනිකම දරාගන්නට
සිසිරයට මිස වසන්තයකට බෑ
ඈත දිලිහෙන පුංචි තරුවක්
ඉල්ලලා පොඩිඑකෙක් හැඩුවිට
ජීවිතේ අපි ලියපු පාඩම්
හොයා ගන්නට නෑ
මගෙයි උඹගෙයි පෙම් කතාවට
කොමාවක් මිස විරාමයකුත් නෑ
Sunday, February 24, 2019
මඳ සුළඟකින් පවා රිඳුම් ඇතිවිය හැකි දරුවකුගේ සිත සුසිනිඳුම මල්පෙත්තක් මෙනි. උදෑසන පිනි බිංදු නැහැවී ආදරය දෝරගලමින් සිනාසෙන මල්පෙති දැඩි හිරු රශ්මිය හමුවේ මලානික වී බෙරිකරගත් මුහුණින් බලා සිටිනු ඔබ අනන්තවත් දකින්නට ඇත.
කුඩා දරුවකුගෙ සිතද එපරිද්දෙන්ම සියුම් ස්පර්ශයන් හඳුනයි. ආදරය සෙනෙහස ළඟ මෘදු මොලොක් වන සිත වෛරය ක්‍රොධය හමුවේ මැලවී බොඳවී යයි. අද මම උත්සහ දරන්නෙ එවන් දරුවන් ගැන ඔබට යමක් පවසන්න.
මාගෙ නිවෙස අහල පහළ වෙසෙන ඇය කුඩා දියණියකි. නිරතුරුව කේන්ති ගන්නා දෙමාපියන් ප්‍රතික්ශේප කරන ඇය තම අත්තම්මමා සහ සීයා සමඟ වැඩිපුර බැඳී වුණ්නේය. ඒ හේතුව නිසාම අම්මා සහ තාත්තා අැයට තව තවත් වෛරකරන්නට විය. එම මවගේ අනෙක් දරුවන් මෙන් නොව පැහැයෙන් අඩුවූ ඇය එයටද වැරදි කාරියක වූවාය. මූසලී යැයි නිතර දොස් කීවාය. නිතර සිනාසී සිටින ඇය සිනාසීමද ඇගේ අම්මාට වදයක් සේ පෙනුනෙන් එයටද දොස් කීවාය.
තම නිවසේ සිදුවන මෙවන් අකටයුතුකම් පුංචි පුංචි සිත් රිඳවීම් හිත තුළ සඟවා සිටීමටත් කිසිවෙකුටත් නොපවසා සිටින්නට ඇය උත්සහ කළාය. කෙටි කාලයකට පසුව සිඳුවූ යම්කිසි හේතුවක් මත මෙම දැරියට අත්තම්මාගේ නිවසට යාම තහනම් කරන ලදින් ඇය තම නිවස තුලම සිරවී කල්පනා කරන්නටත් තම සිත සමග තනිව අරගල කරන්නටත් පටන් ගත්තේ කිසිවකුටත් රහසිනි.
කෙමෙන් කෙමෙන් ඇය රෝගී වූවාය. ඇඟ වෙවුලා සිහිසුන්වී වැටෙන්නටත් විනාඩි ගණනක් එලෙසම සිහිනොමැතිව සිටින්නටත් දරාගත නොහැකි පපුවේ වේදනාවකිනුත් පෙළුන ඇය අවසන රෝහල් ගතකරන ලදී. මනසින් වැටුණ දරුවා තොරතෝංචියක් නැතිව කියවන්නටත් හඬන්නටත් වූවාය. හැම පොට්ටුවකටම පිපෙන්නට කාලයක් අැත. ඇතැම් ලෙඩ රෝග සඳහා කිසිදු ප්‍රතිකර්මයක් නැත. ඇත්තේ ආදරයම පමණි. ළමා මනස කියවන්නට හැකි සුන්දරම පොතකි. එය කටුක කටු කම්බියකින් ඔතා වසා දැමිය යුතු නැත.
අපි කිසිවෙකු එකවර අතපය උස්මහත් වී වැඩී ලොකු මිනිසුන් වූයේ නැත. අපද ළමාවිය ගත කර අද මහ මිනිස්සුන් වූ අයනම් අපට අපගේ ළමා කාලය අමතක වී තිබිය හැකිද? එසේ අමතක වූයේ නම් එය කේදවාචකයකි. අපි කුඩා කළ සෙව් ආදරය සෙනෙහස කරුණාව දයාව විනෝදය සියළු දේ අපේ දරුවාටද විඳින්නට අයිතියක් ඇත. ඉතිං අපි අපේ දරුවාගේ ළමාවිය සොරකම් නොකරමු. ඔවුනටද ළමාවිය ගත කරන්නට ඉඩ දෙමු.

Sunday, May 27, 2018
#LOVE_STORY 💏
මම ෆුට්බෝඩ් එකට අඩිය තිබ්බා විතරයි බස්එක වේගෙන් ඉස්සරහට ඇදෙන්න පටන් ගත්තා. මට ඕන වුණා අත්දෙකෙන් එල්ලිලා ඔළුව පාර පැතතට ඇල කරලා කෙහෙරැල් වලට ඔහේ පාවෙන්න ඉඩ දෙන්න. ඇස් පියාත්තම කිරිල්ලියක් ගානට සැහැල්ලු වෙච්ච හිත ඒ ආසාව දෙගුණ තෙගුණ කළා. තවත් තප්පරයක්වත් නොහිතා පාරට බරවෙද්දි සට සට ගාලා කම්මුල්වල හැපෙන සුළං පාර කෙහෙරැළ් අරගෙන යන්න ලොකු සටනක. තව චුට්ටක් පාර පැත්තට බර වෙන්න හදද්දිම ශක්තිමත් අතක් මගෙ ඉනවටේ කැරකිලා එයාගෙ පැත්තට ඇඳලා ගත්තා.. ඇස් ඇරලා එයා දිහා බලද්දි ඒ ඇස් තරහෙන් පුපුරනවා.. මම තව චුට්ටක් ඒ ඇස්වලට ළං වුණා.. එයාගෙ හුස්ම මගෙ කම්මුල්වල වැදෙන නොවැදෙන ගානට ළං වෙලා.
මොකද මැරෙන්න හදනව ද?
කවුද?
මම
ඒපාර නම් මම යාන්තම් හිනාවුණා. ඒ ඇස් වෙනස් වුණේ තප්පරයකටත් වඩා අඩු වේගෙකින්. මගෙ හිනාවක් ළඟ නතර නොවුන ඇස් දෙකක් තවම මට හමුවුණේ නැති වුණත් ඒ ඇස්වල තාම තියෙන්නෙ රකුසු පෙණුමක්.
බුම්මට්ටෙක්
මොකක් ?
නෑ මොකුත් නෑ
මම ගස්සගන ගිහින් පිටිපස්සෙම සීට් එකේ වාඩිවෙලා ජනේලෙන් එළියට පැන්නා.. එකම එක ගහ කොළක් නැති වුණත් අහස උසට නැගපු කොන්ක්‍රීට් බිල්ඩින් අපිව දැකලා ආ පස්සට යනවා. ඒ එකින් එක පස්සට යද්දි මගෙ හිතට දැනුනෙ කියාගන්න බැරි උදාසීන ගතියක්. අද මම ඉස්සරහට යනවා ඒත් හෙට ආයෙම එතනමයි. කිසිම වෙනසක් නෑ.
දන්නව ද?
මොනව ද?
හැමදේම පස්සට යනවා
නැහැ අපි ඉස්සරහට යනවා
මම ඒ මූණ දිහා බැලුවා. ඇස් ඔහේ පාවෙනවා ඒත් හිත කොන්ක්‍රීට් බිල්ඩින් එකක් ඔළුව උඩ තියාගෙන ඉන්නව වගේ. මූණ පුරාම වැවිච්ච රැවුළෙන් පුංචි කොටසක් යාන්තමට පේනවා. ඇස්ගෙඩි දෙක විතරක් සුදුම සුදු පාටට වටේ කැරකෙනවා.
ඇයි
නිකන්
හැමදේම විහිළු නෙවෙයි
කවුද කිව්වෙ
මොනාද
හැමදේම විහිළු කියලා
කොයි වෙලෙත් රත්චේච තාච්චියට අබ දැම්ම වගේ පුපුරන්න බලා ඉන්න ඒ ඇස්වලට එබිල බලන්න මට හිතුණා.. ඒ ඇස්... දෙවියනේ මගෙ මුළු හිතම හිරිවැටුණා වගෙ දැණුනා.. ටික වෙලාවකට හිත ගොළු වුණේ කවදාවත් කතා කරන්න බැරි වෙන ගානට.
එක්ක යනවද
කොහෙද
මම ආසයි ඇවිදින්න
ඇවිදින්න
ඔව් ඇවිදින්න
ඇවිදින එක මගෙ රාජකාරිය නෙවෙයි
දන්නවා
මොනවද
ඇවිදින එක ඔයාගෙ රාජකාරිය නෙවෙයි කියලා
අතටම ගුලිවෙච් කරදාසි කොළ එහාට මෙහාට රෝල් වෙනවා. ඒ ඇතුලෙ හිර වෙච්ච අදහස් එයාගෙ හිතේ තාම පෙරළි කරනවා.. මට ඒ හිත එකතැන නතර කරන්න පුළුවන් නම්.
මමත් කැමතියි
මොනවට ද
ගුටිකන සංගමයට බැඳෙන්න
බෑ
ඇයි
මට ඒක බලන්න බෑ
මොකක්ද
කිව්වම අහන්න
මටත් ඉන්න ඕන
කොහෙද
ඔයා ළඟ
එයා නිහඬ වුණා. මොකක්දෝ ලොකු අරගලයක. කළුගල් දිය කරන එක පහසු නෑ.. ඒත් වෙඬරු
මම බහිනවා
ඇයි හංගන්නෙ
මොනවද
ඇස්
මම බහිනවා මාව නවත්වන්න එපා
හොඳයි
විස්වාසද
මොකක්ද
ඔය හිතන එක
ඔව් විස්වාසයි
විකාර....
බස් එක නවත්තන්න ලෑස්ති වුණා විතරයි. එයා බස් එකෙන් බැහැ ගත්තා.. ජනේලෙට බර දීපු මම එයාගෙ උරහිසේ ඔළුව තියාගන ඇස් පියාගත්තා..
ඔව් අපි ඉස්සරහට යනවා...
Subscribe to:
Posts (Atom)