Tuesday, February 26, 2019

ගඟ

සඳක් ඇවිදින් තුරක හැපි හැපි
හඬාවැටුනට
ගඟක් පහළට ගලායන එක
නවත්වන්නට බෑ
කුණාටුවකට පසුව හමුවුණ
හුදකලාවක විරාමය මැද
උඹෙයි මාගෙයි මතක විතරක් මකාගන්නට බෑ

වසන්තයකට පිපෙන්නට බැරි
මලක් සිසිරයෙ තනිව පිපුණම.
ඉකිගසන්නට කැමති කිසිවකු
ලොවේ ඉපදී නෑ....
උඹත් ඈතට යන්න ගිය පසු
මගේ තනිකම දරාගන්නට
සිසිරයට මිස වසන්තයකට බෑ


ඈත දි⁣ලිහෙන පුංචි තරුවක්
ඉල්ලලා පොඩිඑකෙක් හැඩුවිට
ජීවිතේ අපි ලියපු පාඩම්
හොයා ගන්නට නෑ
මගෙයි උඹගෙයි පෙම් කතාවට
කොමාවක් මිස විරාමයකුත් නෑ

2 comments:

  1. නොනැවතී හඩා වැටී
    ගලා යයි නම්
    සතුට එහි නිම් නැතී..

    ReplyDelete
  2. බාධක වැට කඩොලු නැතිනම්
    ඒත් එය ලස්සන නැතී

    ReplyDelete