Wednesday, April 17, 2019

නිදිමතනම් නිදාගන්න

නිදිමත නම් නිදාගන්න

මේ අවුරුදු නැකතට කොහා හඬන හඬට වඩා ඇහුනේ කඳුළු කඩා වැටෙන ඉකිබිඳුම් හඬ. අවුරුද්ද සරුද අහන හැමෝටම මූනිච්චාවට හිනාවෙනවා ඇරෙන්න හිත පිරෙන්න හිනාවෙන අවුරුද්දක් දැන් තියනවද කියන එක ප්‍රශ්ණයක්.

අවුරුදු ඒ නිසා නෑගම් යන්න ඕනා.. නෑ ගම් ගියාම ඒ ගෙදරින් දෙන අඩියක් හෙම ගහලා මහ රෑ වෙනකම් පාටි දාලා ගෙදර එන්න පිටත් වෙද්දි තමයි අපි කාටත් හදිස්සිය. මහ පාන්දර නිසා පාරෙ මොකෙක්වත් නෑ කඩාගන යන්න පුළුවන්. කියලා පැයට හැතැප්මෙක වේගෙන් වාහනය ඩ්‍රයිව් කරන් යද්දි නිදිමත එන්නෙ අපිටත් නොදැනීමයි.

වෙනදට හැටට කැරකෙන මීටරය සීයට කැරකෙවෙන්නෙ පාර හිස් කියලා දැනුණාමද හදිස්සිය වැඩි නිසා ඉගිලෙන්න හිතාගෙනද කියලා දෙයියොවත් දන්නෑ.. හැබැයි වැඩේ වැරදිලා අනතුරක් වුණාම තමයි අපිට දෙයියො මතක් වෙන්නේ....

වාහනයක් අත⁣ට ගත්තාම නිදිමත එනවනම් කරුණාකරල නිදා ගන්න. නැතිනම් නිදිමත නැති කෙනෙකුට වාහනය දීලා පැත්තකට යන්න. මොකද ඔයාට නින්ද ගියොත් අනතුරක් වෙන්නෙ ඔයාට විතරක්ම නෙවෙයි.. තවත් කිහිප දෙනෙකුගෙම ජීවිත ඒ අනතුර මත තීරණය වෙනවා.

නිදිමත නම් නිදාගන්න... හදිස්සියට වඩා පරිස්සම වැදගත්

2 comments:

  1. සුභ නව වසරක්!
    ඉතාම වැදගත් ලිපියක්. මේ ලිපියෙන් කියවෙන දේම මීට දවස් දහයකට කලින් (7 වන දා )අවාසනාවන්ත ලෙස මරණ දෙකකින් කෙලවර උන සිදු වීමක් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු උනා. එදා ප්‍රාදේශීය නගරයක පැවති සිංහල අවුරුදු උත්සවයකට සහභාගී වී ආපසු යන අතරේ රියදුරාට නින්ද යාම නිසා කුඩා දරුවෙකු සහ එම දරුවාගේ මිත්තනිය එතනදීම මියගියා. Microsleep ලෙස හැඳින්වෙන තත්පරයකට ඇහැ පියවීම මරණයෙන් කෙලවර වීම වලක්වා ගත හැක්කේ නිදිමත දැනුන විට පොඩ්ඩක් නැවතී ඇහැ පියා ගැනීම හෙවත් කුකුල් නින්දක් (Power nap) දැමීමෙනුයි. සියලු දෙනාම ඒ බව දන්නා නමුත් ප්‍රායෝගිකව ඒක ක්‍රියාත්මක නොකිරීම අවසානාවක්.

    ReplyDelete
    Replies
    1. දැන දැනත් තමනුත් අනෙක් අයවත් අමාරුවේ නොදමා අපි දැන්වත් මේකට හුරු විය යුතුයි. ස්තූතියි සෑම් සටහනට

      Delete