නිදිමත නම් නිදාගන්න
මේ අවුරුදු නැකතට කොහා හඬන හඬට වඩා ඇහුනේ කඳුළු කඩා වැටෙන ඉකිබිඳුම් හඬ. අවුරුද්ද සරුද අහන හැමෝටම මූනිච්චාවට හිනාවෙනවා ඇරෙන්න හිත පිරෙන්න හිනාවෙන අවුරුද්දක් දැන් තියනවද කියන එක ප්‍රශ්ණයක්.
අවුරුදු ඒ නිසා නෑගම් යන්න ඕනා.. නෑ ගම් ගියාම ඒ ගෙදරින් දෙන අඩියක් හෙම ගහලා මහ රෑ වෙනකම් පාටි දාලා ගෙදර එන්න පිටත් වෙද්දි තමයි අපි කාටත් හදිස්සිය. මහ පාන්දර නිසා පාරෙ මොකෙක්වත් නෑ කඩාගන යන්න පුළුවන්. කියලා පැයට හැතැප්මෙක වේගෙන් වාහනය ඩ්‍රයිව් කරන් යද්දි නිදිමත එන්නෙ අපිටත් නොදැනීමයි.
වෙනදට හැටට කැරකෙන මීටරය සීයට කැරකෙවෙන්නෙ පාර හිස් කියලා දැනුණාමද හදිස්සිය වැඩි නිසා ඉගිලෙන්න හිතාගෙනද කියලා දෙයියොවත් දන්නෑ.. හැබැයි වැඩේ වැරදිලා අනතුරක් වුණාම තමයි අපිට දෙයියො මතක් වෙන්නේ....
වාහනයක් අතට ගත්තාම නිදිමත එනවනම් කරුණාකරල නිදා ගන්න. නැතිනම් නිදිමත නැති කෙනෙකුට වාහනය දීලා පැත්තකට යන්න. මොකද ඔයාට නින්ද ගියොත් අනතුරක් වෙන්නෙ ඔයාට විතරක්ම නෙවෙයි.. තවත් කිහිප දෙනෙකුගෙම ජීවිත ඒ අනතුර මත තීරණය වෙනවා.
නිදිමත නම් නිදාගන්න... හදිස්සියට වඩා පරිස්සම වැදගත්
Wednesday, April 17, 2019
Tuesday, April 9, 2019
මුං කැවුම් සහ අවුරුදු
"මැණිකෙ මුං කැවුම් ටිකක්වත් ගෙදර හදමුද?"
අද උදේම අම්ම මගෙන් අහපු ප්‍රශ්ණය තමයි ඔය. ඉතිං මට හිතුණා අවුරුදු ගැන ලියන්න. රෝජා පුංචි කාලෙනම් මුං කැවුම් හදනවා කියන්නෙ පට්ට ගේමක්. මුං ඇට ටික ගරලා සෝදලා බැදලා වතුරට දාලා තියනවා පැය ගාණක් පෙගෙන්න. ඕන්න ඉතිං ඊට පස්සෙ තමයි යුද්ධෙ. මේ මුං ඇට ටික වනේ ඒ කිව්වෙ වංගෙඩියෙ දාලා කොටන්න ඕනා. කොටනවා කොටනවා පුළුවන් තරම් ශක්තිය යොදලා කෙටුවත් හම්වගේ තමයි. රෝජා ඉතිං එතකොට පුංචි බබෙක් නිසා හරිම ආසයි පිටි කොටන්න. ඒ වුණාට අපිට බෑ කියලා අත්තම්මා දෙන්නෙ නෑ. ඔය විදියට පැයක් හමාරක් කෙටුවට පස්සෙ තමයි මුං ඇට පිටි කරලා හලා ගන්න පුළුවන්. හොඳට රත්වුණාම තමයි මුං ඇට පිටි වෙන මට්ටමට කෙටෙන්නේ. ඒ මුං පිටි දාලා හදන කැවුම්වල රස මට අදටත් දැනෙනවා දැනෙනවා වගේ.
ඒ වුණාට දැන් තාක්ෂණය දියුණුයි. මිනිස්සු අතපය හොල්ලන්න කම්මැලියි. මුං ඇට පිටි කර ගන්න එක විනාඩි දහයක් යන්නෑ. හරිම පහසුයි. ඒ වුණත් ඒකටත් මොකට මහන්සි වෙනවද ? ඒව දැන් පහසුවෙන් කඩෙන් ගන්න පුළුවන්. ලේසියි පහසුයි. ඒ කෑම හදන්න දන්න අයත් අඩුයි.
පුංචි කාලේ අත්තම්ම එක්ක හිටිය නිසාදෝ රෝජට නම් ඕවා ටික ටික හුරුයි. ඒ වුණත් මේ අවුරුද්දෙ කඩෙන් ගමු කියලා හිටියට අපේ අම්මට එහෙම බෑ ගෙදර මොනා හරි හදන්නම ඕනා. පටන් ගන්නෙ මුං කැවුම් වලින් වුණාට මම දන්නවා තව ජාති දෙක තුනක්වත් හදලා තමයි ඉතිං නතර වෙන්නේ. නැත්නම් අවුරුද්ද දැනෙන්නෑ. අපේ අත්තම්මල ගෙදර කෑම ජාති හදපු හැටියට අපි කරන්නෑ. ඒත් ඒ චාරිත්‍ර නොකරත් බෑ. නොකලොත් හිතට හරිත් නෑ.
අපි රැඩිකල් මොනාද මේ විකාර. අවුරුදු, තෙල් කෑම ජීවිතේට ඇඳුම් අරන් නැද්ද එකපාරක් විතරක් ඕක ගන්න ඕනැද. මොනාද මේ චාරිත්‍ර මළ සමයං ඔව්ව මොඩිෆයි වෙන්න ඕනා තාම හනමිටි කාලෙනෙ කියලා කටින් කිව්වට. හිතින් අපි අවුරුද්ද එක්ක බැඳිලා. ඒක හරිම සුන්දරයි. ඔව් මට තාමත් සිංහල අලුත් අවුරුද්ද සුන්දරයි. එදා පුංචි කාලෙ වගේම අදත් අවුරුදු එනකම් මම බලා ඉන්නවා. මට ලැබෙන තෑග්ග මොකක්ද බලන්න... ගෙදර සේරමල එක්ක ඇවිදින්න යන්න. නෑ ගම් යන්න. ඒත් කොහා අතරමං වෙලා මේ අවුරුද්දෙනම් වෙළද සැල්වලිනුත් කොහාට කුඩම්මගෙ සැලකිලි. කිසිම කොහෙක් කෑ ගහනව ඇහුනෙ නෑ.. අපි අවුරුදු සමරනවා කොහාට වුන් හිටි තැන් නැතිවෙලාද? ඇත්තටම මේ කොහා කෝ...
රෝජා🌷

Sunday, April 7, 2019
පමුණුව
අද රෝජගෙ ඇහිපිල්ලම් තෙමුනේ අතීතය ඇස් ඉස්සරහ මවන්න පුළුවන් මුහුණුපොත් පලවූ සටහනක් නිසා. එනම්
උපුටනය:
"මහරගම පසුකරන්නට පැය දෙකක් ගතවෙන බවට මැසිවිලි නැගේ.. එමෙන්ම කිරිබත්ගොඩ පසුකරන්නට පැයකට ආසන්න කාලයක් මේ දිනවල ගතවේ...!
කිසිදු වට්ටමක් නැතත් (ක්‍රෙඩිට් කාඩ් වට්ටම් ඇර) මිනිසුන් පොදිකමින් ඇදුම් විතරක් ම ගන්නේ ඇයි..?"
උපුටා ගැනීම මනෝරම වීරසිංහයන්ගේ facebook පිටුවෙනි.
සීසන් එකට මහරගම ඇයි මෙච්චර සෙනග මේ මිනිස්සු ඇඳුම් ගන්න මෙච්චර පොරකන්නෙ ඇයි. ඇත්තටම මහරගම එන්නෙ ක්‍රෙඩිට් කාර්ඩ්වලින් ඇඳුම් පැලදුම් ගන්නා මිනිසුන් ද? ලාබ නැතත් සේල් බෝඩ් එල්ලෙන්නෙ මහරගම විතරයි ද?
හැම තැනම සේල් බෝඩ් එල්ලුනද මිනිස්සු පොරකකා මහරගම එන්නේ පුරුද්දට වඩා මළ නොකෑ ඇඳුම් අඩුමිලට ගන්න යැයි නොදන්නා අය කොපමණ ඇත්ද? ලොකු ලොකු නම් ඇති කඩ සාප්පුවල සේල් යැයි එල්ලා ඇත්තේ විකුණා ගත නොහැකි පැරණි ඇඳුම් ආයිත්තම්වල වුවාට එහි එතරම්ම මිළ අඩුවක් නැත. සේල් වුවද රු.500/=ට වැඩිය. නැතිනම් කුණුම කුණු පාටය. මහරගම එසේ නැත. මහරගම පමුණුව දුප්පත් මිනිසාට අවුරුදු දෙන ගමන් අවුරුදු මිලට ගන්නේද තවත් එවැනිම දුප්පතෙක් නොවන්නේද? දුප්පතෙක් නොවුනද ඔහු හෝ ඇය මධ්‍යම පාන්තිකයෙක් බවනම් කවුරු කවුරුත් පිළිගන්නවාට සැක නැත.
කතාව නම් එය නොවේය. රෝජාගෙ පුංචි කාලයයි. කටුමැටි ගෙදරක ජීවත් වූ රෝජාටද ඇඳුමක් ලැබුණේ වසරකටම එකම එක දවසකි එනම් අවුරුදු දවසටය. එයටද පමුණුව කරා ඇඳී යන්නේ ලාබෙට පොඩි ගවුමක් මිල දී ගන්නට වාගේම අතේ ඇති මුදලට සියල්ලන්ටම නැතත් ආත්තම්මාට සහ සීයාටද සරමක් චීත්තයක් මිලදී ගත යුතුම නිසාවෙනි. අයියාටත් මටත් ආත්තම්මාටත් සීයාටත් ඇඳුම් ලැබුණද අම්මාටයි තාත්තාටයි ඇඳුම් මිලදී ගත්තේ කී වතාවක් දැයි මම නොදන්නෙමි. එවකට එපමණක් තේරුම් ගන්නට තරම් මට දැනීමක් නොතිබුණි.
පමුණුවට යෑමේ අරමුණ මම දනිමි. අනෙක් අයට මෙන් ඇඳුම් ගොඩක් නැති එක ඒ කාලයෙද මට නොදැනුනි. මට ලැබුණ එකම ගවුම ලෝකයක් තරම් වටිනවා යැයි සිතා ආඩම්බරයෙන් ඇවිද්දෙමි. රෝජා රතුපාටටත් සුදුපාටටත් බොහෝ සෙයින් මනාපය. එ නිසාම රතු සහ සුදු ඇඳුම් පමණක් තෝරා ගෑනීම රෝජාගෙ පුරුද්දය. කළුම කළු කෙල්ලක් රතුපාට ඇන්දම කෝමද? දෙමළ කෙල්ලක් වගේ. ඒ අපේ රටේ හැටිය. ඒ වුණත් රෝජා රතුපාටට කැමතිය. රතුපාට රෝජාට හැඩය. ලස්සනය. ඒක මාරය.
අදද මම මහරගම පහුකරමින් යමි. පැය දෙක තුන මහරම ට්‍රැෆික් එකේ ඉද්දී මට මගේ පුංචි කාලය මතකයට එයි. අදද අවුරුද්දකට එකම වතාවක් ඇඳුමක් ගන්න බලා සිටින පොඩි එවුන් කී දෙනෙක් නම් මහරගම පමුණුවේ ඇත්ද? ළමයින්ට අරන් දී සතුටුවන අම්මලා තාත්තලා කොතෙක් නම් ඇත්ද? . පිස්සුද දැන් කොහෙද එහෙම අය ඔබට සිතෙන්නට පුළුවන නමුදු ඔබ වැරදිය අදද එසේ දරුවන් සිටී දෙමාපියන්ද සිටී මම මගේ දෑසින් දකිමි. ඔවුන් ඒ විඳින විඳවන දෙයට මම කැමතිය. මන්ද ඔවුන් හෙට ඒ තුළින් මා මෙන් පන්නරයක් ලබනු ඇතැයි මම විස්වාස කරමි.... එදා මම විඳී ඒ බලාපොරොත්තුවේ වේදනාව අදද මට ඉවසීම කියා දී ඇත. ඒ තුළින් පන්නරයක් ලබා දී අැත. ලද දෙයින් සතුටක් ලබන්නට පුරුදු වී ඇත. මහරගම පමුණුව අද, අතීතය සිතුවමක් සේ මවා දෙමින් සිනාසෙමින් මා දෙස බලා අත වනමින් සිටී...

Friday, March 29, 2019
තරුවක්
හුඟක්ම දුක හිතුණ වෙලාවට අපිට ළඟම ළඟම ළඟින්ම ඉන්න යාළුවෙක් ඕන වෙන්නෙ ඒ දුක වේදනාව පිට කරගන්න හිතේ හිරකරගන ඉන්න දුක වේදනාව කඳුළුවලට හැරෙද්දි හිතේ බර ටිකෙන් ටික අඩුවෙලා හිත සැහැල්ලු වෙනවා.
මට හිතයි දැන් නතර වෙන්න. මම හිතන්නෙ මම හුඟක් ඇවිද්දා. හුස්මක් නොගෙන වේගෙන් ඇවිද්දා. ඒත් මම දිව්වෙ මිරිගුවක් පස්සෙ. ඒක මට තේරුනේ හරියටම මේ සඳුදා උදේ. ඔව් මේ සඳුදා උදේ. දැන් මම නතර වුණා නම් හොඳයි කියලා තමයි හිතන්නේ.
ඇයි කියලා අහන් නැද්ද?
ඇයි
හ්ම්ම්... ඒක හොඳයි
මොකක්ද
ඔයා එහෙම අහපු එක
ආයෙමත් දිගු නිහැඩියාවක්. ඒක උහුලන්න බැරිතරම් දිගු නිහැඬියාවක්. මම හිතන්නෙ තත්පර ගාණක් වෙන්න ඕනා.. මට ඒක කල්පයක් තරමට දැණුනා.
එයා මාව අතින් අල්ලගන එක්ක ගියා ලොකු දුරක් ඔව් ඒක ලොකු දුරක්. මට ඕන වුණා පිටිපස්ස හැරිලා බලන්න. ඒත් මට බය හිතුණා. එයා හිටියෙ මගෙ ඉනවටේ අත දාගන මාව තුරුළු කරගන.. අපි ඇවිද්දා.. මම හිතුවෙ ඒක ලොකු දුරක් කියලා හරියටම දවස් හතරක් පහක් වෙන්න ඕනා..
පොරොන්දු වෙන්න මාව දාලා යන්නෙ නෑ කියලා..මොනව වුණත්
මගේ හිත ගැස්සුනා. විදුලියක් වගේ දෙයක් පපුව පුච්චගෙන ඇදිලා ගියා මම හිතුවා මගෙ හුස්ම නතර වෙයි කියලා. මම එයාගෙ පපුවට බර වුණා එච්චරයි මට මතක.
ඒත් ඒ එදා විතරයි . ඊට පස්සෙ එයා මගෙ ඉනවටේ අත දාගත්තෙ නෑ. අපි ඇවිද්දා කතා කර කර ඇවිද්දා එදත් මට පස්ස හැරිලා බලන්න හිතුණා. ඒත් මම බැලුවෙ නෑ මොකක්දෝ බයක් මගෙ හිතේ හොල්මන් කරන්න ගත්තා.
ඉතිං
ඉතිං ... මම එයාගෙ අත අල්ලන් ගිහින් තිබුණා පස්ස හැරිලා බලද්දි එයා නැහැ එයා නතර වෙලා.
හරිම සාමාන්‍යයි
ඔව් ඒත්
ඇයි ඒත් කිව්වෙ
එයා නතර වුණාට මම ඇවිද්දා හරියටම අවුරුද්දක් නෑ... නෑ අවුරුදු එකහමාරක් .... ඒක මහ පිස්සුවක්...
ඔයා හිතනවද මම තවත් ඇවිදින එක හොඳයි කියලා.
නෑ
ඇවිදපු එක
ඒත් නෑ
ඔයා හරි සේරම වැරදී.. ඒත් ඉතිං වැරදි නොකර ජීවිතේ හදාගන්නත් බෑ. හරියටම ගිය සඳුදා මම හැමදේටම හිත හදාගත්තා. නවතින්න තීරණය කරා. ඒක මහ පුදුම සැහැල්ලුවක්. ලොකුම ලොකු කන්දක් උස්සන් ඉදලා බිමට දැම්මා වගේ.
ඒත්
ඇයි ආයෙමත්
මම දැන් හිස්.... ඒක ඊටත් වඩා ලොකු බරක්. ඉතිං දැන් මට හිතයි නතර වෙන්න මේ ඇති මම ඇවිද්දා. බලාගත්තු අත බලා හිටියා බලාපොරොත්තු ඇති කරගත්තා නැතිකර ගත්තා. දැන් මට මහන්සියි . හොඳටම මහන්සියි.
මම කියවගන කියවගන ගිහින් එයා දිහා බැලුවා. කිසිම සද්දයක් නැතිව එයා අහස දිහා බලාගන දුම් වලලු අහසට විසික්කරනවා. අපි දෙන්න හිටියෙ කුරුදු ගහක් යට බංකුවක ඉදගන හඳ දිහා බලාගන. එයා මොනවදෝ හිතනව.
අර... අර... අර බලන්න
මොකක්ද?
කඩාවැටෙන තරුවක්
අපි දෙන්නම ඇස් පියා ගත්තා...

Sunday, March 24, 2019
හඬනිහඬ
ජීවිතය යනු තනිරූල් පොතක් නම් එහි නිල් ඉරි ඇදුන සුදුපාට පිටු අප විසින් දිනෙන් දින ලියනු ලබන්නේ වෛයි වර්ණ පෑන් තුඩු වලිනි. එකම පාටකින් ලියාගන යා නම් එහි ඒකාකාරි බව අප සිත විඩාවට පත්කරනු ලබයි. එවන් මොහොතක යම් වෙනසක් සිදුවන්නේ නම් යැයි ඇතුලු සිත මුරගා කියනු ලබයිනම් බොහෝවිට අප හුදකලා වීමට කැමැත්තක් දක්වයි.
ජීවිත පොතේ පිටු වැරදුනා යැයි නැවත මක මකා ලියන්නට නොහැක. හැකි වන්නේ අලුත් පිටුවකින් අලුතින් අරම්භ කිරීම පමණි. එයින් පැරණි පිටු ඉරා වීසිකළ හැකිනම් අතීතය අමතක කළ හැකි නමුත් අපට එය කළ නොහැක. වරද හදුනා ගත් පසු එතැන අතහැර ඉවත්ව යාම කෙතරම් අපහසුද යන්න මගේ සිත වේදනාවෙන් පුරවයි.
කුමාර සිරිවර්ධනයන් විසින් පරිවර්තනය කළ හඬනිහඬ මා අතට පත්වන්නේ ආදරණීයයකුගෙන් ලද තෑග්ගක් ලෙසය. නැතිනම් එය බලහත්කාරයෙන් ලබාගත් තෑග්ගක් කියාද පවසන්නට හැකිය මම වඩාත්ව කැමති ලෙස එලෙස සඳහන් කරමි.
හඬ නිහඬ මා කම්පනය කළ තරම මෙතැකැයි කියා කිව නොහැක. අප දුරදිග නොබලා ප්‍රකාශ කරන එක පුංචි වදනක් පුද්ගලය මානසික මට්ටම පහළ හෙළීමට සමත් වන්නේ යැයි සිතන්නට පුළුවන් ද? නමුත් එය එසේය. ළමා කාලයේ සිදුවන ඇතැම් සිදුවීම් අපට කෙතරම් බලපාන්නේද යන්න හඬනිහඬ තුලින් පවසයි. එය කුතුහලය උපරිමයෙන් රදවාගත් කාවකි.
බොහෝවිට එහි අනුකම්පාව ත්‍රාසය කුතුහලය ඇලීසියා බෙරන්සන් සතු වුවද ? මාසිත වඩාත් කම්පාවට පත්කළේ තියෝ නම් මානසික චිකිත්සකවරයා යැයි කීවොත් ඔබ පුදුමවනු ඇත. මුළු කතාව පුරාම මම කියවූයේ අැලීසියාගේ ඛේදවාචකයක් නොව තියෝ නම් ළදරුවාගේ කතාවය. තියෝ නම් පුද්ගලයාගේ ආත්මානුකම්පාවය. ඇත්තෙන්ම ඇලීසියා බෙරන්සන් නොවන්නට තියෝ ගැන මෙපමණ වේදනාවක් මා සිතට නොදැනෙනු ඇත. මම තවමත් ඒ තුල අතරමන්ව සිටිමි. ඇලිසියාව සහ ඇයගේ නිහඬබව නොව මම තියෝව සොයමින් සිටිමි.

Wednesday, March 20, 2019
ගැහැනිය ඟගකි
තත්පරයක ප්‍රමාද වීමකින් ජයග්‍රහණය පරාජයක් බවට පත්විය හැකි බව රෝජාට මතක් වූයේ තත්පරයකිනුත් ඇසිල්ලකිනි.
ජීවිතය හැමවිටම අපට කියා දෙන්නේ සෘජුව ගලා යෑමට නොව වංගු වංගු වලින් හැරී ගල්පරවල වැදි වැදී ගමන් කරන්නටය.
මට ඇය හමුවන්නේ ඉතා අහම්බයකිනි. ගඟක් ලස්සන නිසසලව පහළට ගලා යද්දීට වඩා ගල්පරවල හැපී ඒවා අතුරිං රිංගා මහා වේගයකින් ගලායන විටදීය. ඇයද ගඟක් යැයි මට සිතුණි. ජීවිතය වෙනුවෙන් යකඩ හිතක් සවිකරගන හැම බදාවකටම නොබියව මුහුණ දෙමින් ඇය මට ද ජීවිතයේ පාර පෙන්වන්නීය.
ඈ කවුද ? එය ඔබට පැණයක්වන තරමට මට කැමැත්තක් අැති වන්නේ ඔබගේ කුතුහලය අවුස්සා අතරමං කරනු රිසි නිසාවෙනි.
ඇය දුවකි, පෙම්වතියකි , බිරිඳකි අම්මා කෙනෙකි. නැන්දම්මා කෙනෙකි. ආච්චිඅම්මා කෙනෙකි ඒ සියල්ලටම වඩා ඈ ගැහැනියකි. එහි සුන්දරත්වය ගැබ්ව ඇත්තේ එනිසාමය.
හැම ගැහැනියක්ම සඳට උපමා කරන කවියන් අතර මම ගැහැනිය ගඟකට උපමා කරන්නට කැමතිය. ඒ මන්ද මා දුටු ගැහැනු අතරින් බොහෝ පිරිසක් සඳක් නොව ගඟකි.
ඇය ජීවිතය සමඟ අනේක දුක් විඳින්නීය. ඒ සෑම දුකක්ම පැණිරසක් සේ විඳගන්නීය. ඉතිං අද මම කියන්නට යන ඈ කවුද?
ඇය එක්තරා බැංකු නිළධාරිනියකි. අහම්බයකින් හමුවූ ඈ මා සමඟ සුහඳ වචන හුවමාරුවක යෙදී වුන් අවස්ථාවක ඇගේ කතාවෙන් පුංචිම කොටසත් මා හා දිගහැරියේ වේදනාව මුසු සිනහවක්ද සමඟිනි.
මෙය එක්තරා බැංකුවක සිදුවූ සිදුවීමකි. එය දුගී ජනයාට ණය පහසුකම් යටතේ ආධාර සපයන අතර එක්තරා බැංකු ශාඛාවකි. ඇය එහි සේවය කරන අතර එක්තරා වකවානුවක දිලිදු පවුල් සඳහා සුළු ව්‍යාපාරික ණය දෙනු ලබන වැඩ සටහනක් ක්‍රියාත්මක වූ අතර එහි අනුමත වූ ණය ලිපිලේඛන සියල්ලෙහිම අනුමත වූ ණය මුදල ලබාගෙන ඇත්තේ බැංකුවේ කලමනාකරු විසිනි.
ලොක්කො ඉදිරියේ සොක්කන්ට හිස නමන්නට වෙනවා හැර අන්යමක් නැති වුවද? අනුමත මුදලින් යම් මුදලක් වෙන්කොට එම පාර්ශව සඳහා මහන මැෂින් නිවෙසටම ලබා දුන්නද අදාල වටිනාකමෙන් කොටසක් පිරිසක් අතර හුවමාරු වන්නේ අත යටිනි.
කෙසේ වෙතත් එවන් අවස්ථාවක එකෙක් අහුවුණොත් අනෙකා කරපු වැරදිත් අල්ලා දී රංචුවම අරගෙන යෑමට තරම් අපේ වුන්දලා බොහෝම අර පරිස්සම් බව කවුරු කවුරුත් හවුලේ වැරදි කිරීමට පෙර දැන ගත යුතුය.
වැඩේ මාට්ටුවූවාට පසු අර පරික්ෂණ මේ පරීක්ෂණ පවත්වන විට එකම එක දවසක එක් ණය අයදුම් පතකට පොත් තැබීම කළ ඇයද හසුවන්නේ වරදට සහය දුන් අයකු ලෙසය. කවුරු කළත් වරද වරදමය. ලොක්කා කියූ විට ඔයාට දෙන්න බෑ අදාල කෙනාට පමණයි දෙන්න හැකි කියන්නට තරම් තවම අපේ පිට කොන්ද සවිමත් නැත.
ලොක්කා දුටු තැන හතරට පහට නැවෙන කොඳු. මිස ඍජුව හිටගන්නා කොඳු සොයා ගැනීම කළුනික සොයා ගන්නවාට වඩා අපහසුය.
අද ඇය එම වරදට දඩුවම් විදිමින් වසර හතත පමණ වැඩ තහනමට ලක්ව නිවසේ කාලය ගෙවයි. වරදක් කළ එකාට වඩා නොකළ එකාට එය මානසික වදයකි. මිනිසුන් විත්තිකාරවෙකු වූ සැනින් වරදකරුවෙකු බවට හංවඩු ගසන සමාජයක මෙවන් සිඳුවීමක් යනු මවට පියාට පමණක් නොව සැමියා දුවා දරුවන්ට පවා එම ලේබලයම අලවා තැන තැන කැලෑ පත්තර ගසන්නට දෙවරක් නොසිතන මිනිසුන් අතර ඔබත් ලේබල් ඇලවීමට පෙර වරක් දෙවරක් නොව සියවරක් සිතිය යුතු බව මතකයේ තබා ගන්න.

Friday, March 15, 2019
කොනිත්තන මතක
අද රෝජට කියන්න තියෙන්නෙ හුඟක්ම රසබර කතාවක් නොවුණට ඒ කතාව ඇතුලෙ හුඟක් දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලටත් ඒ වගේ කතාඇති බොහෝම.
මේ සිද්ධිය රෝජට සිද්ධ වුණේ ඉස්කෝලෙ යන කාලෙ. දැන් මෙහෙමනේ ඒ දවස්වල රෝජා බොහෝම චුට්ටන් පංතියේ මුළු ගැන්විලා හිටපු අහිංසක කෙල්ලක්. ඒ වුණාට පණ්ඩිත කමනම් චුට්ටක්වත් අඩුවක් නෑ.
මේ දවස්වල ඉස්කෝලවල වාර විභාග වලට ලෑස්තිවෙනව ඇති. ඉතිං මමත් මේ වැඩේ කලේ වාරවිභාගයකදි. හැමෝම දන්නවනෙ සිංහල ප්‍රශ්ණ පත්තරේ මුළින්ම තියෙන්නෙ මාතෘකාවකට රචනාවක් හෝ වචන 150ක 200ක කෙටිකතාවක් ලියන්න කියලනේ.
ඔන්න ඉතිං රෝජට එදා පේපර් එක හම්බුණාම සේරම කියවලා ඉවර වුණාම හිතෙනවා හැමදාම රචනා ලියන එකේ මේ පාර කෙටි කතාවක් ලියල බලන්න ඕනි කියලා. ආයෙ මොකටද දෙපාරක් හිතන්නෙ කියලා ඕන් ඉතිං කෙටි කතාව ලියනවා. දැන් රෝජ හිතන්නෙ එයා තමයි වැඩ්ඩා මේ පාර සිංහල ප්‍රශ්ණ පත්තරේට වැඩිම ලකුණු ලැබෙන්නෙ එයාට තමයි කියලා.
පෙරුම් පුර පුර බලන් හිටියට ඒ පාර සිංහල පේපර් එකට ලකුණු අඩුම හම්බුණේ රෝජට. ඒ නිසාම පංතියෙ තමන්ගෙ ස්ථානය රැක ගන්නවත් රෝජට ලැබෙන්නෑ. ඇයි එහෙම වුණේ සමහරවිට රචනාව වගේ කෙටිකතාව හොඳට ලියල නැතිව ඇති හොඳම වැඩේ පණ්ඩිත වැඩ කරනවට කියලා රෝජා තමන්ටම ආඩපාලි කියන්න පටන්ගත්තා.
නිවාඩු කාලෙත් ගිහින් ආයෙමත් ඉස්කෝලෙ පටන් ගත්ත කියමුකෝ. දවස් දෙක තුනකට පස්සෙ උදේ රැස්වීමෙදි සිංහල ටීච කතාවක් කරලා මේකෙ ඉතිං ඉන්නෙ රචනාව ලියාගන්න බැරිව කෙටිකතා ලියන මොට්ට ළමයිනේ කියලා කතාව අතර මැදදි මගෙ හිතට බෝම්බයක් අතෑරියා. ළමයි එකා දෙන්නා කසු කුසුව කවුද කතාවක් ලිව්වෙ කියලා. රෝජට සිංහල කියන විෂය වහ කඳුරු වුණේ ආන් ඒ දවසෙ ඉඳලා. එදයින් පස්සෙ කවදාවත් සිංහල පේපර් එකට මට වැඩිය ලකුණු ලැබුණේ නෑ. මොන තරම් හොඳට ලිව්වත් ලකුණු අඩුයි.
ගුරුවරයෙකුට පුළුවන් ළමයෙකු හැකියාවක් ඉහළ නංවන්න වගේම පහළට ඇඳලා දාන්නත්. එදා මම පහළට වැටුණා. මම ලියන කිසිම දෙයක් කාටවත් පෙන්වන්න බය වුණා. හැමදේම හංගන්න පුරුදු වුණා. ඒ වුණත් සිංහලවලට A එකක් අරං මම ඒ ගුරුවරියට පෙන්නුවා. නමුත් A/L වලට සිංහල විෂයන් හැර වාණිජ්‍ය විෂයන් තෝරා ගන්න පෙලඹුනා. අද මම ආයෙම සිංහල විෂය හදාරන්න උත්සහ කරනවා. එදා එහෙම නොවුණ නම් අද මට ආයෙම සිංහල විෂය හදාරන්න ඕනි වෙන එකක් නැති වෙන්න තිබ්බා.
ඔන්න ඕකයි රෝජට සිංහල භාෂාව වැඩිදුර ඉගෙන ගන්න තියා හිතන්නවත් අකමැති වෙච්ච කාරනාව. පුංචි කාලෙ දෙයක් වුණාම ඒ දේ හිතට තදින් බලපානවා. අපි කාට කාටත් මේවගේ දේ යම් යම් අවස්ථාවල බලපාන්න ඇති.

Subscribe to:
Posts (Atom)