අපි හිනාවක් උරුම නැති රටක මිනිස්සු
උඹ හොඳින්ද ? අහන හැමෝටම කියන්න තියෙන්නෙ මම හොඳින් ඒත් ඇත්තටම මම හොඳින් නෙවෙයි කියලා. මිනිස්සු මේ තරම් ලේ පිපාසයකින් පෙලෙන්නෙ ඇයි. පුංචි කාලෙ ඉදන් අද මේ වෙනකම් රටක් බෙදාගන්න කුලල් කා ගන්න එකයි.. ඒ ලේ විල පාලනය කරන්න කුලල් කා ගන්න එකයි දැක්කේ... මොන තරම් දේවල් දැක්කද මොනතරම් බයේ ගැහි ගැහි හිටියද?
පුංචිම කාලෙ තාත්තා ලොරියෙ වැඩට ගියාම බෝම්බයක් පිපිරුණා කිව්වම බයේ ගැහි ගැහි බලා හිටියා. සමහර දවස්වල තාත්තා දුරින් ඉන්නැද්දි බෝම්බය පුපුරා ගිය හැටිත් ගිනි දළු නැඟුන හැටිත් කියන හැටි රස කතාවක් වගේ කට ඇරගෙන කම්මුලේ අත් දෙක ගහගෙන අහගෙන හිටියා. ඒ අපේ නොතේරුම් කමට.
ඒ වගේම ගෙදර ඉන්නත් බයේ හිටිය කාලයක් තිබුණා. කුප්පිලාම්පු පත්තු කරන්න එපා කිව්වම එළියක් නැති වුණාම බයේ කෑ ගහන මම වෙනුවෙන් බාල්දියක් ඇතුලෙ කුප්පිලාම්පුව පත්තු කරලා තියලා මට නින්ද යනකම් බලා ඉන්න අම්මටයි තාත්තාටයි සිද්ධ වුණා ලාම්පුව නිවන්න...
ඇයි ඒකට එච්චර බය කියලා නොදන්නව වුණත් අපි බයේ මුළු ගැන්විලා හිටියා.. ඒ අතීතය අමතක කරන්න ලේසි නෑ..
නුගේගොඩ නෝ ලිමිට් බෝම්බය ඔන්න මෙන්න තියෙද්දි එතැනට කිට්ටු කරලා හිටපු අපි නෝ ලිමිට් එක පිච්චෙන හැටි බල බලා ගෙදර එන්න සිද්ධ වුණා.
අද අායෙමත් ... ඇයි මිනිස්සු ලේ හලන්න මෙච්චර කැමති. ජීවත් වෙන පුංචි කාලයට රටක් බෙදාගන්න ඉඩමක් බෙදාගන්න බලය බෙදාගන්න ලේ හලන්න ඕනිමද?
ජාති ආගම් බේදයකින් තොරව මිනිස්සු මිනිස්සුන්ව මරණ්න සූදානම්.. නැතිවීමක් ශෝකාන්තයක් මිස අන් යමක් එතැන තියනවද?
ඒ වුණත් අපි ඇඟිල්ලක් කැපුනත් මර හඬින් කෑ ගහන මිනිස්සු. අනුන්ට හැර තමන්ට වුණොත් වඩාත් දැනෙන මිනිස්සු
අකරංදල්ල කියන නමේ තේරුම මොකක්ද
ReplyDeleteගසක මුදුන් දල්ල
Deleteකමෙන්ට් කරන්න තියන විදිහ ටිකක් අපහසුයි , embedded ක්රමයට හැදුවනං අපිට ලේසියි
ReplyDeleteඔහ් ඉන්න ඒක හදන්නම් ස්තූතියි
Delete